Skip to content
Home » රත්තරන් කොතනින් නවතීද?

රත්තරන් කොතනින් නවතීද?

රත්තරන් කොතනින් නවතීද?

GOLDCeylon | Gold News | 2024.04.08

රත්තරන් මිල මේ තරම් අහස උසට ගියේ ඇයි?
Why Gold price goes up?

2011-2020 කාල සමය තුළ දී ලෝක වෙළඳපොලෙහි රන් මිල විශාල ලෙසින් විචලනය වුණා. 2011 වසර ආරම්භ වන විට ඇමරිකානු ඩොලර් 1400ක් වැනි අගයක පැවති රන් මිල (31.10g සදහා) එම වසරේ අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් 1900 සීමාව දක්වා වැඩි වුණා. එය මෙම වසරේ වැඩිවීමට පෙර පසුගිය දශකය තුළ වාර්තා වුණු වැඩිම රන් මිල යි. එලෙස වැඩිවුණු රත්තරන් මිල 2011 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් 1550 දක්වා අඩු වුණා.

2012 වසර රත්තරන් මිල විශාල ලෙස විචලනය වුණු වසරක්. එම වසර මුල ඇමරිකන් ඩොලර් 1800 සීමාව දක්වා ක්ෂණිකවම ඉහළ ගිය රත්තරන් මිල වසර මැද වන විට යළි ක්‍රමයෙන් ඩොලර් 1550 දක්වා පහත වැටුණා. නමුත් වසර අග වන විට යළි එය ඩොලර් 1800 සීමාවට පැමිණියා. 2012 වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට රන් මිල විශාල ලෙස වැඩි වුණත් ඉන් පසුව එය සීඝ්‍රයෙන් පහත වැටුණා. ඒ අනුව 2013 වසරේ මැද භාගය වන විට එය ඩොලර් 1200 දක්වා අඩු වුණා

2013 වසරේ මැද භාගයේ සිට 2016 වසර වන තුරු විචලනය වෙමින් පැවති රත්තරන් මිල 2015 වසර අවසන් විට අවම තත්ත්වයකට පත්වුණා. ඒ අනුව පසුගිය දශකය තුළ දක්නට ලැබුණු අඩුම රත්තරන් මිල වාර්තා වුණේ 2015 වසරේ අගභාගයේ දී යි. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 1060ක්. එදා සිට ක්‍රමයෙන් විචලනය වුණු රන් මිල 2020 වසරේ මාර්තු මාසය පමණ වන විට ඩොලර් 1500 දක්වා වැඩි වී තිබුණා.

2020 වසරේ මැද භාගය වන විට එය ආසන්න වශයෙන් ඩොලර් 2050 තරම් ඉහළ අගයක පැවතුණා. එය පසුගිය දශකය තුළ වාර්තා වුණු රන් මිලෙහි වැඩිම අගය යි. එලෙස සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිල පසුගිය 2023 කාලයේ නැවත ඩොලර් 1800 ලෙස මාස කිහිපය තුළ දී ක්‍රමයෙන් පහළ ගියා.

නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ අනුව වර්තමානය 2024 අප්‍රේල් මස මුල්සතිය වනවිට වන විට එය ඩොලර් 2300 සීමාවත් ඉක්මවා ගිහින්.

Source : goldprice.org

ලෝක රත්තරන් මිල ඉහළ යන්නේ ඇයි?

▶️ ඇමෙරිකානු පොළී අනුපාත කපාහැරීම.

පොළී අනුපාත හා රන් අතර තිබෙන්නේ ප්‍රතිලෝමද සමානුපාතික සම්භන්ධයකි. පොළී අනුපාත මට්ටම සැලකියයුතු කපාහැරීම් නිසා රන් සදහා ඇති ඉල්ලුම දෙගුණ තෙගුණ වී ඇත. මේ හේතුවෙන් රන් මිල නොසිතු ලෙස ඉහල ගොස් ඇත.

බැංකුවල පොළී අනුපාත පහළ යන විට මුදල් බැංකුවල තැන්පත් කිරීම මඟින් බලාපොරොත්තු වන තරම් ප්‍රතිලාභ ලබාගත නොහැකියි. එම නිසා බොහෝ පිරිස් මුදල් බැංකුවල තැන්පත් කිරීමෙන් වැලකී ඒවා රත්තරන් මිල දී ගැනීම සඳහා යොදවනවා.

▶️ ඇමෙරිකානු උද්ධමනය

යම් කිසි කාල පරිච්ඡේදයක් තුළ රටක භාණ්ඩ සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙසින් හැඳින්විය හැකිය. උද්ධමන අනුපාතය ඉහළ යන විට මුදලේ අගය අඩු වනවා. එවිට බොහෝ ආයෝජන මාර්ගවලින් ප්‍රතිලාභ ලබාගැනීමට තිබෙන අවස්ථාව නැතිවී යනවා. එම නිසා සැලකිය යුතු ව්‍යාපාරිකයන් පිරිසක් රත්තරන් ආයෝජනය කරනවා. ඒ උද්දමනය දීර්ඝ කාලයක් පැවතිය ද රත්තරන්වල වටිනාකම අඩු නොවන නිසා යි. එලෙස විශාල පිරිසක් රත්තරන්වලට මුදල් ආයෝජනය කළ විට වෙළඳපොල තුළ ක්ෂණිකවම රත්තරන් හිඟයක් ඇතිවනවා. එවිට වෙළඳපොල තුළ රත්තරන් මිල ඉහළ යන්නේ ඉතිරිව තිබෙන රත්තරන්වලට තිබෙන වැඩි ඉල්ලුම නිසා යි.

▶️ඇමෙරිකානු බැංකු පද්ධතියේ අස්ථාවරත්වය.

2023 වසරේ ඇමෙරිකාවේ ප්‍රධාන බැංකු 3ක් සම්පූර්ණයෙන්ම බිද වැටුණා. 2024 වසරේත් එලෙස බැංකු කිහිපයකම අස්ථාවර ස්වභාවයන් පෙන්නුම්න් කරන බව ලොව ප්‍රධානතම රන් මිල පුවත් විකාශකයා වන KITCO සමාගම දන්වා සිටිනවා. 
එවිට ලෝක වෙළෙඳපල තුළ රත්තරන් මිල යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට අනුමාන කළ හැකියි.

ඇමෙරිකානු ආර්ථිකයේ ප්‍රකෘර්තිමත් බවක් පෙන්නුම් කළහොත් මෙම අසාමාන්‍ය රන්මිල ඉහල යාම පාලනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.

▶️ මෙරට රන්මිල ?

මේ හේතුකොටගෙන මෙරට රන්මිලත් සැලකිය යුතු ඉහල යාමක් මේ වනවිට දක්නට ලැබුනා. සතියක්තුල රුපියල් 10,000/= පමණ රන්මිල ඉහල ගියා. අද 2024.04.08 දින වන විට කැරට් 24  රන් පව්මක් (8.0g) රුපියල් 187,000/= ලෙසත් කැරට් 22 රන් පව්මක් රුපියල් 173,000/= ලෙස යාවත්කාලීන වුනා.

Source : #goldceylon

මෙලෙස ලෝක රන්මිල ඉහළ යාම මත කැරට් 24 රන් පව්මක් නැවත වරක් ලක්ෂ 2 සීමාවට පැමිණීමට අවකාශ ඇති බව රන් වෙළඳ ප්‍රජාව පවසා සිටිනවා. මෙලෙස හෝ මෙරට රන්මිල පාලනය වී ඇත්තේ මෙරට ඩොලරය පහල යාමත් සමග රුපියලෙහි ශක්තිමත්වීම නිසයි. එසේ නොවුනා නම් මේ වන විටත් රන්මිල ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දිය හැක.

ස්තුතියි !
ඉන්දික බණ්ඩාර
goldceylon.lk

©goldceylon | Sri Lanka’s Trusted Gold News Platform

1 thought on “රත්තරන් කොතනින් නවතීද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *