Skip to content
Home » ඒකනයිට් – EKANITE ගැන දන්නවාද?

ඒකනයිට් – EKANITE ගැන දන්නවාද?

#ekanite #gem #srilanka

ශ්‍රීලංකාවෙන් හමුවෙන ඒකනයිට් ගල් විශේෂය ඒකනායක මහතා විසින් ලෝකයට හඳුන්වා දුන් නිසා එයට ඒකනයිට් නම් නාමය ලැබී තිබෙනවා.

කොළ,කහ,ගිණි තැඹිලි පාටින් හමුවෙන මේවා ගලේ පිටත ස්වරූපය කාන්තාර වීදුරු ( ඩෙසර්ට් ග්ලාස් ) උල්කා මැණිකක් ( ටෙක්ටයිඩ් ) පාශාන වලට සමානකමක් තියෙනව.අර්ධ මල ටෝමලින් (මාංගු ) පිටත ස්වරූපයෙන් සමාන නොවුනත් වර්ණයේ සුළු සමානකමක් තියෙනවා.

කෙමිකල් වර්ග නිෂ්පාදනය සහ විවිධ න්‍යෂ්ටික කටයුතු සඳහා වැනි විවිධ හේතූන් මත විදේශිකයන් මේ මැණික් කෝටි ගණනකට මිලදී ගන්නව.

අධික විකිරණශීලී ගලක් වන මෙය කැරට් 1සිට කිලෝ 10කට වඩා බරින් යුතු ගල්ද හමුවී තියෙනව.අධික විකිරණශීලී නිසාම අතිල් ඇල්ලීම සිදු නොකල යුතු අතර කෙනෙකු මෙය වැඩි වේලාවක් ස්පර්ශ කිරීම නිසා එහි විකිරණ වලට නිරාවරණය වී ශරීරයේ පිළිකා සෛල උත්තේජය වී පිළිකා ඇති වීම සිදු වනවා.ඒ නිසා මේ ගල් ස්පර්ශ නොකිරීම මා අනුමත කරනවා.

එමනිසා මේවා හඳුනාගන්න ගයිග කවුන්ටර් වගේ විකිරණශීලීත්වය මැනුම් උපකරණ පාවිච්චි කරන්න පුළුවන් වගේම ඔබට මේ ගලක් හමුවුනොත් නිවසින් පිට බාහිර පරිසරයට නිරාවරණය නොවෙන සේ තැබීම කරන්.එයට හේතුව මේ පාෂාණ රේඩෝන් වැනි අහිතකර වායූන් සෑදීමයි.

තවත් වැදගත් කරුණක් නම් මේ ගල් වෙනත් මැණික් සමග එකට තබන්න එපා.එයට හේතුව අනිකුත් මැණික් මෙහි විකිරණ වලට නිරාවරණය වුනොත් ඒවායේ වර්ණයට සහ ගුණාත්මක භාවයට බලපෑම් එල්ලවන නිසා.

අවසානෙට මට ගොඩක් වැදගත් දෙයක්කියන්න තියෙනව.ඒකනයිට් විතරක් නෙවෙයි විකිරණශීලී මැණික් ගලකට තියෙන්නෙ.ඔයාලා අපල වලට මරකත පච්ච තෝර කියල දාන්න කියන ගල් ගොඩක් සර්කන් වැනි සුළු විකිරණශීලීත්වයක් තියෙන ගල්.සුළු උනත් කාලයක් පලදිද්දි ඒකෙන් නරක අතුරුපලයක් අනිවාර්යයෙන් ඇතිවෙන්න පුළුවන්.ඉතින් අපල නැතිකරන්න කියල අපලයක්ම පලදගන්න එපා.ඒ නිසා හරි සහතිකයක් තියෙන ගලක් ගන්න.ඒ වගේම අපලයි කියල ගලක් හොයන්නෙ අසරණ කෙනෙක් ඒ අයට ඉල්ලන ගලම දෙන්න විකුණන අය කාරුණික වෙන්න.

ආසිරි මැණික් මහතාගේ වාර්ථාවකි.
කළුගගේ මැණික් සමූහය

2 thoughts on “ඒකනයිට් – EKANITE ගැන දන්නවාද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *