Skip to content
Home » අපි නොදන්න රත්තරන්

අපි නොදන්න රත්තරන්

Published by : GOLDCeylon | 2024.06.25

කවුරු හරි අපිට “රත්තරං” කියලා කතා කරනකොට හරිම ආදරණීය බවක් දැනුනට ඇත්තටම අපිට රත්තරන් කියලා කතා කරන්නේ අපි රත්තරන් නිසා නෙවෙයි අපිව ඒ තරම් වටින නිසා වෙන්න ඇති නේද?

රත්තරන් කියන්නේ අනෙකුත් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් මිටියම් කරන්නට හැකි වගේම බොහොම ඔප මට්ටම් කරන්නට හැකි ලෝහයක්. ඒ වගේ ම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කරන්නට හැකි ලෝහයක්. අන්න ඒ නිසා තමයි රත්තරන් වල ශක්තිය වැඩි කිරීමට රිදී සහ තඹ හෝ වෙනත් ලෝහ වර්ග එකතු කරන්නේ.

ලොව දැනට අලෙවි වී ඇති රත්රන් වලින් 11% ක ප්‍රතිශතයක් තිබෙන්නේ ඉන්දියාවේ කාන්තාවන්සතුවයි. මෙය ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සියල්ලේම පවතින රන් සංචිත වලටත් වඩා ඉහල අගයක් ගන්නවා. අපේ රටේත් සැලකිය යුතු රන් භාණ්ඩ ප්‍රමාණයක් කාන්තාවන් සතුව පදතිනවා. බොහොමයක් ඒවා  උකස් තියලා තියෙන්නේ මේ වෙනකොත් නේද? මහ බැංකුව සතුව තිබ්බ රන් සංචිතත් ඉස්සර වගේ නෑ විදේශ වත්කම් අඩු කාලේ ඒවා ඩොලර් කලා මතක ඇතිනේ.

ආවර්තිතා වගුවේ 79 වන තැන හිමිකරගෙන සිටින රත්තරන් වලට තිබෙන රසායනික සංකේත නාමය වෙන්නේ Au එහෙමත් නැති නම් Aurum.

අභ්‍යවකාශ තරණ වලට ගගනගාමීන් භාවිතා කරන හෙල්මටයේ වයිසරයට සිහින් රන් ලේයරයක් ආලේප කර තිබෙනවා. ඒ රන් වලින් පාරජම්බුල කිරණ කපා හැර ඔවුන්ගේ දෙනෙත් ආරක්ෂා කරන්නටයි.

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම තනි රන් ස්ඵටිකය (Biggest Single Gold Crystal) ගැන ආරංචි වෙන්නේවෙනිසියුලාවෙන්.අවුන්ස 7.7ක් හෙවත් ග්රෑම් 217.78ක් බර මේ රන් ස්ඵටිකය වටිනාකමින් ඩොලර් මිලියන 1.5ක් පමණ වෙනවා.

ලොව විශාලතම රන් කුට්ටිය හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති රන් ආකාරයකින්. 1869පෙබරවාරි 05 වන දිනයි. එය බරින් කිලෝ 72.02 වෙනවා.

කිසිවෙක් නොසිතුවාට රන් කියන්නේ ආහාරයට ගත හැකි ඛනිජයක්. විදේශ සුඛෝපභෝගී ආහාර කඩවල රන්පතින් එතූ පේස්ට්‍රීස්, වොඩ්කා වල සිට ඔලිව් තෙල් දක්වා මිලට ගන්නට හැකියාව තිබෙනවා. edible gold  කියන්නේ එහෙම රන් ඇතිරූ ආහාර මිලදී ගන්නට පුළුවන් බ්‍රිතාන්‍ය පාදක කරගත් සමාගමක්. ඔවුන්ගේ සියලුම ආහාරමය නිෂ්පාදන පාහේ නිර්මාණය වී තිබෙන්නේ ආහාරයට ගත හැකි රත්රන් වලින්.

රණ් කරුවන් අතින්  නිමවී ඇති  විස්මිත  නිර්මාණ දකින විට ඇතැම්  විට මවිතය දනවන සුළුය.මෙවැනි  මට සිලිටු නිර්මාණයක් දෑතින්  නිම කිරීමට  හැකිදැයි  කෙනෙකුට  සිතෙන්නට පුළුවන. 

රන්  කර්මාන්තය  ඉතා  සියුම්  කලාවක්ද  වේ.   රළු දළ ලෝහය  තුළින්  මටසිළුටු  ස්වර්ණාභරණයක්  තැනූ  පැරණි  රන්  කරුවන්  ගැන පොත පතෙහිද  සදහන්වේ. මේ සදහා දැඩි  ඉවසීමක්  සහ  කැපවීමක් අවැසිය.

මේ එවැනි නිර්මාණයකි. මෙය වාර්ථා පොත් අතරට ගිය ඉතා අනගි දෑතින් කරන ලද නිර්මාණයකි.

කරුණු උපුටා ගැනීම lady.lk වෙබ් පිටුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *