Skip to content
Home » ලෝක රන් හා මෙරට රන් වෙළදපොලේ මිල හා වැදගත් කරුණු…

ලෝක රන් හා මෙරට රන් වෙළදපොලේ මිල හා වැදගත් කරුණු…

#රන් #රන්මිල #worldgoldprice #goldpricesrilanka

දිනය 2023-10-31
ලෝක රන්මිල හා මෙරට රන්මිල අතර වෙනස

ලෝක රන්මිල කැරට් 24 (31.10g) = USD 2000
ලෝක රන්මිල1g = USD 2000/31.10 = USD 62.30
ලෝක රන්මිල 1g= රු.62.30X325= රු. 20,900/=
ලෝක රන්මිල 24Kt පව්මක් (8g)= රු. 167202/=

මෙරට රන්මිල 24Kt පව්මක් (8g) = රු.174,000/=

මෙරට රන්මිල ලෝක රන්මිලට සාපේක්ෂව තවමත් රුපියල් 7000/= පමණ ඉහලින් ඇත. මේ නිසා ඉදිරියට මෙරට රන්මිලෙහි ඉතා ව්ශාල වැඩිවීම් බලාපොරොත්තු විය නොහැක.

ඩොලරය නැවත් 300/= සීමාවට පැමිනියහොත් මෙරට රන්මිල සුළු අඩුවීමක් බලාපොරොත්තු නම් විය හැක.

ලෝක රන්මිල තවදුරටත් ඉහල ගියහොත් මෙරට රන්මිලද සුළු ඉහල යෑම් වලට ලක්විය හැක. නමුත් මේ දිනවල මෙරටරන් වෙළදපොලේ පවතින්නේ ස්ථාවර මිල පරාසයකි. සුළු අඩුවීම් සුළු වැඩිවීම් සමගින් එදිනෙදා යාවත්කාලීන වේ.

කැරට් 24 ලක්ෂ 2 සීමාවට ලගාවේ යැයි බොහොදෙනෙක් අනුමාන කලත් එය මෑත කාලීනව සිදු නොවනු ඇත. ඒ සදහා තවත් අවුරුද්දකට වැඩි කාලයක් ගතවනු ඇත. බෝහෝ දෙනෙකු ඉතා හදිස්සි වී රත්තරන් මිල සීඝ්‍රව වැඩිවූ පසුගිය වසරේ කැරට් 24 පව්ම ලක්ෂ 2 ආසන්න මුදලකට මිලදී ගත්තත් ඒවා විකුනා ගැනීම අපහසුවී ඇත.

රත්තරන් යනු කෙටිකාලීනව විශාල ලාභ උපයන අයෝජනයක් ලෙස හඳුන්වාදිය නොහැක. මෙය සුරක්ෂිත අයෝජනයක් බව අවභෝධය කරගත යුතුය. අද රන්මිලදී ගෙන සතියෙන් මාසෙන් අවුරුද්දෙන් රන්මිල වැඩිවී විකිනා ලාභ ලබාගත නොහැක. මෙරට තුල රන් ව්කිනීම සදහා ක්‍රියාකාරී වෙළදපොලක්ද නැත. මේ නිසා මිලදීගත් රන් එදින මිලට විකුනාගැනිම අපහසුය. මේ නිසා රන් භාණ්ඩ මිලදී ගන්නා ඔබ සිහියේ තබාගතයුත්තේ රන්සදහා අප අයෝජනය කල යුත්තේ එය ආරක්ෂිත අයෝජනයක් සදහා ඉවහල් වන බැවිනි. විකිනීමේදී සැලකියයුතු ලාභ ලබාගැනීමට නම් අවුරුදු 5 ක් වත් සිටිය යුතුය.

මේ නිසා රන්වල අයෝජනයේදී මිලදී ගත් ස්ථානයට නැවත විකුනාගත හැකිද යන්න අනිවාර්යයෙන් දැන සිටිය යුතුය. බොහෝදුරට අදාල මිලදීගත් තැනටම ඔබ විකුනන්නේ නම් සාධාරණ මුදලක් ලබාගත හැක. මේ නිසා සෑම මිලදී ගැනීමක් සදහාම වලංගු රිසිට්පතක් ලබාගැනීම ඉතා වැදගත් වේ.

මෙරටදී රන්වල අයෝජනය කරන්නේ නම් ඉහත කරුණු කාරණ මතකයේ තබාගත යුතුය. මෙරට තවමත් ඩිජිටල් රන් වෙළදපොලක් නැතිවීම නිසා අපහට මිලදී ගැනීම කෙසේ වෙතත් විකිණීම අපහසුව ඇත.

ඔබ රන්මිලදී ගන්නේ නම් ඉහත කාරණා සියල්ල සිහියේ තබාගෙන කටයුතු කිරීම නුවනටහුරුය.

Published by www.goldceylon.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *