Skip to content
Home » 💰STUDENT, PR, VISIT & SKILL VISA apply කරන්න ඔයගේ asset (වත්කම්) මදිවගේද?

💰STUDENT, PR, VISIT & SKILL VISA apply කරන්න ඔයගේ asset (වත්කම්) මදිවගේද?

ඔබ නොසිතන වත්කමක් 💎 ඔබ ළඟ තිබෙන බව ඔබ නොදන්නවා ඇති.

කිවයන්න 👇 බෙදාහරින්න 👉

පිලිගත් විදේශ රැකියාවකට හරි, උසස් අධ්‍යාපන හරි , ශිෂ්‍යත්වයකට හරි, ස්ථිර පදිංචියට (PR) හරි ඔබ විදේශ ගතවීම දැන් ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින්.

ඉතින් VISA සදහා අයදුම් කිරීමේදී ඔබට ඔබේ වත්කම් තක්සේරු කර එය ඉදිරිපත්කිරීම අත්‍යාවශ්‍යම කාරනයක්. ඒ ඒ රට අනුව පෙන්විය යුතු තක්සේරු වටිනාකම් වෙනස් වෙනවා. ඉඩම් හෝ දේපල මගින් මේ දේ පෙන්නුම් කලත් ගොඩාක් අයට ඒ අවශ්‍ය වන වත්කම් ප්‍රමාණය සපුරාගන්න අපහසුයි.

ඉතින් ඔබ නොසිතන වත්කමක් ඔබ ලගම තියනවා. ඒ මොකක්ද රත්තරන්. රත්තරන් මිල පසුගිය 2021 වසරේ සිට මේ දක්වා කාලයක්තුල වටිනාකම 70% කින් පමන ඉහල ගිහින් තියනවා. ඉතින් ඔබට ලෙහෙසියෙන්ම ලක්ෂ 20 වගේ වටිනාකමක් සහිත වත්කමක් පෙන්නන්න මේ කාලසීමාවේ අවශ්‍ය වෙන්නේ කැරට් 22 රත්තරන් පවුම් 15 (ග්‍රෑම් 120) වගේ ප්‍රමානයක්. මේ සදහා ඔබේ දෙමාපියන්ගරත්තරන් භාණ්ඩ එකතුකර ගැනීමෙන් පහසුවෙන් සිදුකල හැක. මිලදී ගත් රිසිට්පත හෝ දිවුරුම් ප්‍රකාශ මගින් එම රන්වල අනන්‍යතාව තහවුරු කර ගතහැක. (නමුත් එය අත්‍යාවශ්‍යම නොවේ). නිල විසා උපදේශක වරයෙකුගේ සහය ලබා ගන්නේ නම් නිවැරදි මාර්ගෝපදේශය ඔවුන් විසින් සපයනු ඇත.

ඉතින් කොහෙන්ද තක්සේරුවක් කරන්නේ?

රත්තරන් වල තක්සේරුවක් කරනන්න පුලුවන් පිළිගත් එකම රාජ්‍ය ආයතනය තමයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය. එහි පිහිටා ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය මගින් ඔබට එම කාර්‍ය පහසුවෙන් කරගත හැක. එම කාර්‍යංශය අධිකරණ, රක්ෂණ , මහබැංකු – බැංකු , රේගු හා රාජසංතක කිරීම් යන අංශ යටතේ රත්තරන් හා අනිකුත් වටිනා ලෝහ සදහා පිලිගත් තක්සේරු වාර්තා නිකුත් කරන එකම රාජ්‍ය ආයතනයයි.

තක්සේරු වාර්තා අනිවාර්යයෙන්ම VISA කාර්යාල පිලිගත් ආයතයකින් නිකුත් කල යුතුයි. ඔබ ස්වර්ණාභරණ අලෙවිසැලකින් හෝ වෙනත් ක්‍රමවේද මගින් රත්තරන් සදහා තක්සේරු වාර්තා ඉදිරිපත්කිරීම මගින් ඔබේ VISA ප්‍රතික්ෂේපවීමට මුලීක කරුණක් විය හැක.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි වටිනා වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය (JEWELLERY TESTING AND VALUATION) අන්තර්ජාතික වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර ආභරණ මුද්‍රා තැබීම පිළිබද ජ්‍යාත්යන්තර වියානා සම්මුතියෙහි නිරීක්ෂණ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් එම වාර්තා සදහා ජ්‍යාත්යන්තර ලෙස පිලිගැනීමක් ඇත. මහාඅධිකරණ , මහෙස්ත්‍රාත් අධිකරණ, බැංකු , රේගු හා රක්ෂණ සදහා දැනට තක්සේරු වාර්තා නිකුත් එකරන්නේ ඉහත කාර්‍යංශය මගින් පමණි.

අනික් කාරණය
තක්සේරු කිරීම සදහා නියුක්ත කාර්‍ය මංඩලයද රත්තරන් පරීක්ෂා කිරීම හා තක්සේරු කිරීම පිලිබද ජ්‍යාත්යන්තර සුදුසුකම් සහිත පිරිසකි. (LONDON ASSAY OFFICE, UK AND AMERICAN SOCITY OF APPRAISAL, USA, GIA (APPLIED JEWELLERY ESSENTIAL DIPLOMA, GOVENMENT APPRIVED GOLD VALUER (INDIA)

ඉතින් කොහොමද තක්සේරුවක් කරගන්නේ?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලය හරහා පමනයි තක්සේරු වාර්තා නිකුත් කරන්නේ. මේ දිනවල තක්සේරු වාර්තා ලබාගැනීම සදහා සීඝු වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් කලින් වේලාවක් වෙන්කරගැනීම අනිවාර්යයි. දිනකට උපරිම තක්සේරු වාර්තාව 3 හෝ 4 පමනයි සිදුකල හැක්කේ. මේ සදහා ඔබ 0112390652 ඔස්සේ සතියේ දිනවල 8.30-4.15 දක්වා අමතා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් තක්සේරු වා‍ර්ථාවක් නිකුත් කිරීම සදහා අදාල අයිතම ප්‍රමානය මත පැය 3-4 කාලයක් ගතවනු ඇත. ඔබට ස්වර්ණාභරණ භාරදී රිසිට්පත ලබාහෙන ඔබට අවශ්‍ය වෙනත් කටයුතු කරගැනීමට පිටත්ව යා හැකි අතර එසේ අවශ්‍ය නැතිනම් එම ස්ථානයේ රැදීසිටීමට පහසුකම් සලසා ඇත.

රත්තරන් පරීක්ෂා කිරීමට (ISO 11426) භාවතා කරන්නේ දැනට ලෝකයේ භාවිතා වන අතිනවීන තාක්ෂණික උපකරණයි. මෙහිදී ඔබේ රන් භාණ්ඩයට කිසිදු හානියක් හෝ බර අඩුවීමක් සිදුනොවේ (NON DESTRUCTIVE METHOD). එම රන් භාණ්ඩ එකින් එක වෙන වෙනම පරීක්ෂා කිරීම්ම්වලට භාජනය වන අතර එහිදී ඔබේ රන් භාණ්ඩයේ නියම කැරට් ප්‍රමාණය බර හා වටිනාකම ගණනය කිරීම සිදුවේ. එම අධිතාක්ෂණික රසායනාගාරය ලංකාවේ දැනට පිහිටා ඇති එකම ජ්‍යාත්යන්තර මට්ටමේ ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රාජ්‍ය රසායනාගාරයයි.

රැගෙන ඒමට අවශ්‍ය දේ මොනවාද?

  1. විදේශ ගමන් බලපත්‍රය
  2. ජාතික හැදුනුම්පත
  3. ස්වර්ණාභරණ (රත්තරන් , රිදී හා ප්ලැටිනම් පමනි)
  4. VISA අයදුම් කරන රට පිලිබද ලියවිල්ලක් (OFFERING LETTER – ජායාරූපයක් ප්‍රමාණවත්)

කොතනින්ද කරගන්නේ?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,
වටිනාලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය (ASSAY OFFICE), අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ‍්‍රඞ් හවුස් උද්‍යාන පාර, කොළඹ 03. (දුරකථන අංක 0112390652)

ගාස්තු
අනුමත ගාස්තුලෙස තක්සේරු වටිනාකමින් 2% + VAT ලෙස අයකරයි. එය ඔබට DEBIT/ CREDIT CARD මගින් හෝ CASH මගින් ගෙවීමට පහසුමක් සලසා ඇත.

ඔබ තක්සේරුව භාරදෙන රත්තරන් සදහා පූර්ණ ආරක්ෂාව ලබාදීමට අපි බැදීසිටින අතර රාජ්‍ය ආයතනයක් ලෙස ඔබට උසස් , සුහදශීලී, කඩිනම් හා විශ්වාසවන්ත සේවාවක් සපයා දීමට අපි බැදී සිටින්නෙමු.

ඔබට නිරාකරණය කරගත යුතු යම් ගැටලුවක් වෙතොත් අපව ඇමතීමට පසුබට නොවන්න.
දුරකථන අංක 0112390652

ස්තුති 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *