Skip to content
Home » රන් ආභරණයක කැරට් යනු කුමක් ද?

රන් ආභරණයක කැරට් යනු කුමක් ද?

ඔබ මිලදී ගන්නා රත්‍රන්වල ගුණාත්මකභාවය හා සංශුද්ධතාවය පිළිබඳව ඔබට දැනුමක් තිබිය යුතුමය.

කැරට් යනු ස්වර්ණාභරණයක රත්තරන් වල සංශුද්ධතාවය මනින ඒකකයකි.

බොහෝ දුරට කැරට් 24, 22, 21, 18, 14, 10,9,8 ලෙස වර්ගීකරණය කර ලංකාවේ සම්මත කර ඇත.

කැරට් 24 රන් කැබැල්ලක් සියයට සියයක් රත්රන් වලින් සමන්විත වන අතර එයට වෙනත් ලෝහයක් මිශ්‍ර නොවේ.

මෙම කැරට් 24 රත්තරන් නොහොත් පිරිසිදු රත්තරන් වලින් ආභරණ සැදීය.හැකිවුවද භාවිතය අපහසුය.
මන්ද යත් පිරිසිදු රත්තරන් හෝ කැරට් 24 රන් මෘදු බව්න් යුක්ත නිසා සවි ශක්තිය අඩුවේ, එමෙන්ම ඉක්මනින් ගෙවියාමද සිදුවේ.

එම නිසා රන් ආභරණ ශක්තිමත් කිරීම
සඳහා සහ වර්ණය වැඩි දියුණු කිරීම සඳහා තඹ, රිදී වැනි ලෝහයන් සමග මිශ්‍ර කරනු ලබයි.

එම නිසා බොහෝ ස්වර්ණාභරණ කැරට් 22 සිට කැරට් 8 දක්වා විවිද කැරට් අගයන් ගෙන් ස්වර්ණාභරණ සාප්පු වල දැක ගැනීමට හැක.නමුත් ලංකාවේ වැඩුපුරම දක්නට ලැබෙන්නේ කැරට් 22 රත්තරන්ය.

මෙම කැරට් අගයෙන් දක්වන්නේ කොපමන පිරිසිදු රත්තරන් ප්‍රමාණයක් එම භාණ්ඩයේ අන්තර්ගත වන්නේද යන්නයි.

එම පිරිසිදු රත්තරන් ප්‍රමානය සියයට අගයක් ලෙස ගනය කිරීමට නම් භාණ්ඩයේ කැරට් අගය 24න් බේදා 100 වැඩි කල යුතුය.
උදාහරණයක් ලෙස කැරට් 22ක භාණ්ඩයක පිරිසිදු රත්තරන් ප්‍රමනය
22 /24 *100 මගින් ලබා ගත හැක.

එනම් කැරට් 22 ක භාණ්ඩයක පිරිසිදු රත්තරන් ප්‍රමානය ප්‍රතිශතයක් ලෙස 91.66% කි එය ඔබේ රත්‍රන්වල සංශුද්ධතාවයයි.
මේලෙස නිතර බාවිත වන කැරට් අගයන්ගෙ පිරිසිදු රත්තරන් ප්‍රමාණ පහත පරිදි වේ
24K රත්තරන්වල 100% රත්තරන්ද,
22K රන් ආභරණවල 91.6% රත්තරන්ද,
21K රන් ආභරණවල 87.5% රත්තරන්ද,
18K රන් ආභරණවල 75% රත්තරන්ද,
14K රන් ආභරණවල 58.5% රත්තරන්ද,
10K රන් ආභරණවල 41.7% රත්තරන්ද,
9K රන් ආභරණවල 37.5% රත්තරන්ද,
8K රන් ආභරණවල 33.3% රත්තරන්ද අඩංගු වී ඇත.

ඔබේ භාණ්ඩය කැරටි 18 (18K) නම්, මෙයින් අදහස් කරන්නේ කැබැල්ලේ රන් කොටස් 24 න් පිරිසිදු රන් 18 ක් සහ වෙනත් ලෝහ කොටස් 6 ක් අඩංගු බවයි. ඉහත සඳහන් සූත්‍රය සමඟින් ඔබට මෙම කැරට් අගය ප්‍රතිශතයක් බවට පරිවර්තනය කළ හැකිය. එය සියයට 75 කි.

ජ්‍යාත්යන්තර ක්‍රමවේද වලට අනුව රන් භාණ්ඩවල මෙම කැරට් අගය PPT (Parts per thousand) ලෙස භාණ්ඩයේ සදන් කර ඇත එම අංක නම්.

24K රත්තරන් වල 999 ලෙසද,
22K රන් ආභරණවල 916 ලෙසද,
21K රන් ආභරණවල 875 ලෙසද,
18K රන් ආභරණවල 750 ලෙසද,
14K රන් ආභරණවල 585 ලෙසද,
10K රන් ආභරණවල 417 ලෙසද
9K රන් ආභරණවල 375 ලෙසද,
8K රන් ආභරණවල 333 ලෙසද සඳහන් මුද්‍රා තබනු ලබයි.

මෙය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් අප රටේ සම්මත කර ඇති කැරට් අගයන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *