Skip to content
Home » රත්තරන් වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඔබ VAT වැඩිවෙන්න කලින් කිවන්න – බලන්න▶️

රත්තරන් වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඔබ VAT වැඩිවෙන්න කලින් කිවන්න – බලන්න▶️

#goldceylon #goldrate #goldinvestment

ඔබ මේ කාලේ රත්තරන් පලදින්න කැමැතක් නොදක්වනවා ඇති. මොකද මේ දිනවල මෙරට පවතින සමාජ, ආර්ථික වටපිටාව තුල රත්තරන් පැළඳගෙන යාමත් ඉතා අවදානම් සහගත වෙලා තිබෙන නිසා.

නමුත් බොහෝ දෙනෙක් මේ කාලේ රන් ආභරණ නොදැම්මට තමන් ඉතුරු කරගත් මුදලකින් සුළු ප්‍රමානයක් හෝ රන් අයෝජනය සදහා යොමු වෙලා. එම අයෝජනය කිරීම් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙලා.
1. රන් ආභරණ
2. රන් කාසි

2024 ජනවාරි මස සිට මෙරට VAT බදු සංශෝධනයත් සමග ස්වර්ණාභරණ කර්මාන්තය සදහා බලපෑමක් දැනටමත් එල්ලවෙලා තියනවා. මේ හේතුවෙන්  2024 ජනවාරි රන් මිල  සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල යාමට  නියමිතයි. බොහොදුරට කැරට් 22 පව්මක ආභරණයක (8g) මිල රුපියල් 10000-20000 අතර ප්‍රමාණයකින් ඉහල යනු ඇතැයි අපේක්ෂා කල හැක.

රත්තරන් මිල දිනපතා අනිවාර්යයෙන් අඩු වැඩි වීම් වලට භාජනය වෙනවා. එක නවත්තන්න බෑ කාටවත්. මේ දිනවල 2023 දෙසැම්බර් වන විට ලොක රන් පවතින්නේ ඉහලම අගයක. ඇමෙරිකානු ඩොලරය දුර්වල වීමත් ඔවුන්ගේ මගබැංකුව විසින් පොළී අනුපාතවල කප්පාදුවත් නිසා රන් සදහා ඇති ඉල්ලුම වැඩිවී රන්මිල ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින් තියනවා. නමුත් දිගින් දිගටම අපිට ඉහල යාම් බලාපොරොත්තු වෙන්න බෑ. 2024 වසරේදීත් ලෝක රන්මිල ඩොලර් 2000 න් එපිටට යාමට ඇති අවස්ථාව වැඩි.

ඔබට හොද මුල්‍යමය ශක්තියක් තිබේනම් පමනක් රත්තරන් වල ඔබේ ඉතිරිකරගත් මුදල්වල කොටසක් (5% හෝ 10%) අයෝජනය කිරීම මෙරට ජනතාව අතර දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. මේ වසරේ සිට රත්ත්‍රන් වල අයෝජනය සීඝ්‍ර ඉහල යාමක් පෙන්නුම් කරයි.

නමුත් රත්තරන්වල අයෝජනයට පෙර එහි වාසී අවාසී අනිවාර්‍යෙන් දැනගත යුතුය. රන් බිස්කට්, රන් කාසී හා රන් ආභරණ මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු බොහොමයක් පවතී. ඒවා එකින් එක වටහා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය වේ. මේ විඩියෝවෙන් රන් කාසි පිළිබද පූර්ණ අවභෝධයක් ලබා ගතහැක.

ලංකාව වැනිරටක ONLINE GOLD PLATFORM  එකක් තදමත් නැතිවීම නිසා GOLD මිලදී ගැනීමේදී නොව විකුණා ගැනීමේදී ඔබට ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. බොහෝවිට එදිනට ඇති රන්මිලට අලෙවිය අපහසු විය හැක. ඒවා ගැන අනිවාර්‍යෙන් දැනගතයුතුව.

රත්තරන් අයෝජනය කෙටිකාලීන නොව අවුරුදු 5කින් එහාට වාසිගෙන දියහැක. කෙටිකාලීනව මිල උච්චාවචනය වීම නිසා කෙටිකාලීනව අවාසි ගෙන දීමට ඉඩ තිබේ. මේ නිසා අවම වසර 3කින් එපිටට සිතා රන්වල අයෝජනය කරන්න.

ඉතින් රන්මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් මේ කරුණු ඔබට වැදගත් වූයේ යැයි අපි බලාපොරොත්තු දෙනවා.

GOLDCeylon මේ කරුනු ඔබට විදහා දක්වන්නේ දත්ත මත පදනම්ව හා ලෝක රන්මිල තොරතුරු ඇසුරෙන් විශ්වාසනීයවය. 

ඔබ ව්‍යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. මෙරට රන්පිළිබද ඇති එකම NEWS AND EDUCATIONAL PLATFORM එක තමා GOLDCeylon කියන්නේ. ඉතින් අපේ FACEBOOK , YOUTUBE හා WEB පිටුව හරහා අපි ඉබට සක්‍රීයව දත්ත හා තොරතුරු ගෙන එනවා.

තව කෙනෙක් දැනගැනීම සඳහා  SHARE කරන්න.
ස්තූතී

ඉන්දික බණ්ඩාර
Proprietor of GOLD CEYLON
GOLDCeylon – YOUR TRUSTED GOLD PARTNER.
@copyright GOLDCeylon
#goldceylon
#goldratesrilanka
#goldsrilanka
#goldpricesrilanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *