Skip to content
Home » පුරෝපු රන් කරාබු පරිස්සමින්

පුරෝපු රන් කරාබු පරිස්සමින්

සෑම විටම යම් පමණකින් හෝ  රත්‍රන් ගැන දැනුවත් වන්න

ඔබ මිලදී ගන්නා රන් ආභරණ ගැන දැනුවත්ව වගකීමකින් යුතුව සෑම විටම මිලදී ගන්න.විශේෂයෙන් කරාබු සුර වැනි ඇතුලත නොපෙනෙන දේවල්අප කරාබු වැනි දෑ මිලදී ගැනීමේදී එහි බෝල ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

දැනට වෙලදපලෙහි ඕපන් බෝල සහ ගෙඩි බෝල යනුවෙන් බෝල දෙවර්ගයකින් කරාබු මිලදී ගැනීමට ඇත . එයින් ඕපන් බෝල යනු ඇතුලත කරාබුවේ නැට්ට පෙනෙන ලෙස නිපදවා ඇති ඒවාය.

ගෙඩිබෝල ඇතුලත නොපෙනේ එය ඇතුලතට නොවටිනා ලෝහ එනම් තඹ හෝ රිදී ඔබ්බවා සාදා ඇත මෙය ලාබ ලැබීම උදෙසා කූට නිෂ්පාකයින් හා වෙලදුන් කරනු ලබන වංචාවකි..හුදෙක් බෝල අවපැහැ ගැනෙනුයේ මෙම ක්‍රියාවලිය නිසාය.සමහර ඕපන් බෝල වුවද සූක්ෂම ලෙස ව්‍යාජව නිපදවන අවස්ථා නැතුවාම නොවේ.

කිසිම විටක පාරම්පරික රන් ශිල්පියකු මෙවැනි වංචා සහගත ක්‍රියා නොකරනු ඇත.එවැනි ශිල්පීන් අතලොස්සක් පමණ ඉතිරිව ඇත.ඔබ දුක් මහන්සියෙන් හොයන මුදලින් රන් කරාබු දෙකක් මිලදී ගත්තද ඔබට එය ආයෝජනයක් නොවන්නේ පෙර සදහන් කල සේ ව්‍යාජ නිෂ්පාදන නිසාය.රන් ආභරණයක් මිලදී ගැනීම යනු සෑම විටම ආයෝජනයකි.ඔබ එම නිසා සෑම මිලදී ගැනීමක්ම වඩාත් විශ්වාස වන්ත ස්ථානයකින් කෙනෙකුගෙන් මිලදී ගැනීම් කරන්න.

උපුගැනීම : Lanka Sri Jewellers  077 729 4594

Leave a Reply

Your email address will not be published. Required fields are marked *