Skip to content
Home » රත්තරන් වල අයෝජනයට පෙර කියවන්න

රත්තරන් වල අයෝජනයට පෙර කියවන්න

Published by © www.goldceylon.lk

රත්තරන් කියන්නේ අයෝජනයකට එහා ගිය අවදානම් අර්ථික කලමනාකර්ණයක්දී යොදාගත හැකි උපායමාර්ග වලින් හොදම එකක්. ඒකනේ ඔනීම රටක මහබැංකුවල රන් සංචිත ගබඩා කර තියෙන්නේ.

Gold අරගෙන ගොඩක් ගෙදර තියන් ඉන්න එක අවදානම්. බැංකුවක තමන්ගේම ලොකර් එකක් ගන්න එක තමයි ඉතා සුදුසු. තමන් ගනුදෙනු කරන බැංකුවවෙන් ඒ පහසුකම ලබාගන්න පුලුවන්. ලොකර්ස් තියෙන බැංකු ශාකා පිලිබද ආසන්නතම බැංකුවෙන් දැනගන්න පුලුවන්.
©www.goldceylon.lk
තවම ලංකාවේ DIGITAL GOLD පහසුකම නම් නෑ. තියෙන්නේ PYSICAL GOLD අරන් තියාගන්න එක. GOLD ගන්න පුලුවන් අකාර 3 ක් තියනවා.
JEWELLERY විදිහට (22Kt,18Kt, 14Kt)
COIN විදිහට (22 Kt, 24 Kt)
Biscuit විදිහට (24 Kt.)

Gold මිළදී ගත හැකි තැන්

  1. Gold Jewelry shops Sri Lanka
    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ස්වර්ණාභරණ සදහා බලපත්‍රලාභී ආයතන වෙත යොමුවන්න. මොනවද ඒ – මේ ලින්ක් එකෙන් බලන්න
    👉 https://goldceylon.lk/jewellery-shop/
    @ www.goldceylon.lk
  2. BOC Gold Shop Colombo (රන් කාසි හා බිස්කට් පමනි Call and ask stock) දු.අ. 0112203072
  3. Colombo Gold Center ( Sea Street – Hettiweediya)
  4. Pawning Artcles (සින්න වෙන රන් සින්න වීමට පෙර ලබා ගැනීම)
  5. Bank Auction ( බැංකු රන් වෙන්දේසි)

6.Custom Auction (නීතී විරෝධි ලෙස පිරටර සිට ආ රන් වෙන්දේසි)
රේගු වෙබ් පිටුවේ ඒ පිලිබද දැන්වීම් පලකරනවා. https://www.customs.gov.lk/
@www.goldceylon.lk

Physical Gold buy කරද්දී අපි ඉතා සැලකිලිමත් වෙන්න ඔනී එහි ප්‍රමිතිය. රත්තරන් වලට ජ්‍යාත්‍යන්තර ප්‍රමිති සහතික හා ප්‍රමිති මුද්‍රා, තක්සේරු වාර්ථා නිකුත් කරන්න තියන එකම බලයත් රාජ්‍ය ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරන අධිකාරියයි. එහි ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශයෙන් වැඩිදුර තොරතුරු 0112390652 ඔස්සේ ලබාගත හැක. වෙබ් පිටුවට පිවිස වැඩි තොරතුරු ලබා ගත හැක. https://ngja.gov.lk/business_services/jewellery-testing-and-valuation/

රන් සම්භන්ධව scams/mafia තියෙනවා. එක නිසා ලක්ෂ ගනන් ඔබේ මුදල් වැයකරලා ගන්න රත්තරන් Check කරලා InternationTesting Report එක ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන්ම ගන්න. ඒක තමා ඔයාගේ GOLD වල ප්‍රමිතියට ජිවිත කාලයටම තියන වගකීමේ සහතිකය.

මෙරටදී රන් මිලදී ගතහැකි ආකාර

  1. ආභරණ ලෙස කැරට් 22සිට පහලට (මාල, වළලු, මුදු…..)
  2. රන් කාසි ලෙස කැරට් 24 හා 22 ( පව්ම, පවුම් භාගය, පවුම් කාල, ග්‍රෑම් 1)
  3. රන් බිස්කට් ලෙස කැරට් 24 (50g, 100g, ටෝලා 10 (116.63g) )

© www.goldceylon.lk

ඉතින් මෙතනින් මෙරට තුල වඩාත්ම ජනප්‍රිය ආභරණ ලෙස රන්මිලදී ගැනීමයි.
නමුත් අයෝජනයක් ලෙස ගනිද්දී රන් කාසි හා බිස්කට් ද මෙරටතුල ජනප්‍රිය වෙමින් පවතී.
කෙටිකාලීනව රන්වල අයෝජනය කර ප්‍රතිලාභ අපේක්ෂාව නිෂ්පල ක්‍රියාවකි. පාඩු සිදුවීමට බොහෝදුරට ඉඩ ප්‍රස්ථාව ඇත. නමුත් අවුරුදු 5 කින් එහාට රන් යනු ඔබව ශක්තිමත් කරන අයෝජන අවස්ථාවකි. ඔබේ ඉතිරි කරගත් මුදල් වලින් 5% හෝ 10% රන්වල අයෝජනය කරන්න. අවම ලක්ෂ 10 එපිටට රන් වල අයෝජනය ගැන සිතන්න. නැත්නම් මෙය නිෂ්ථල ක්‍රියාවකි.

තවත් අවුරුදු 12 කින් රත්තරන් නිධි ක්ෂය වී යා හැක. දැනටමත් 80% රන් නිධි ගොඩ ගෙන අවසන් වී ඇත. ඇමෙරිකානු භූ විද්‍යා හා පතල් කාර්යංශය සහහන් කරන අකාරයට 2035 පමණ වන විට රන් නිධි බොහෝදුරට 100% අවසන් වී යා හැක. එවිට රන් මාකට් එකට එන්නේ recycle කිරීමෙනි. ඒ කියන්නේ පරන රන් උනු කිරීම හා ගබඩා කර ඇති රන් සංචිත වලින් පමනි. එවිට රත්තරන් සදහා ඇති ඉල්ලුම දෙගුණ තෙගුණ වියහැක.

ඉතින් රනයෝනයේ වැදගත්කම පිළිබද සුලු අවබෝධයක් හෝ ඔබට ලැබෙන්න ඇති. www.goldceylon.lk වෙබ් අඩවිය හරහා මෙවැනි දනුවත් කිරීම් ඔබට ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර. අපගේ වෙබ් අඩවිය හා Youtube , Facebook නාලිකා හරහා ඔබට තවත් දැනුම ලබාගත හැක.
Share this Article 👉

🟥 FACEBOOK 👉
https://www.facebook.com/GOLDCeylonLK/
🟥 YOUTUBE 👉
https://youtube.com/c/GOLDCeylon

ඉණ්දික බණ්ඩාර ©www.goldceylon.lk
Administrator GOLDCeylon Network
The Most Trusted Gold News Platform

Leave a Reply

Your email address will not be published. Required fields are marked *