Skip to content
Home » 2048 දී දියුණු වුනාම එළියට ගන්න දැන්ම රන් කාසියක් අරන් තියාගන්න

2048 දී දියුණු වුනාම එළියට ගන්න දැන්ම රන් කාසියක් අරන් තියාගන්න

GOLDCeylon | GOLDCOIN | 2024.02.01

රත්තරන් වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඔබට…..

ඔබ මේ කාලේ රත්තරන් පලදින්න කැමැතක් නොදක්වනවා ඇති. මොකද මේ දිනවල මෙරට පවතින සමාජ, ආර්ථික වටපිටාව තුල රත්තරන් පැළඳගෙන යාමත් ඉතා අවදානම් සහගත වෙලා තිබෙන නිසා.

නමුත් බොහෝ දෙනෙක් මේ කාලේ රන් ආභරණ නොදැම්මට තමන් ඉතුරු කරගත් මුදලකින් සුළු ප්‍රමානයක් හෝ රන් අයෝජනය සදහා යොමු වෙලා. එම අයෝජනය කිරීම් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙලා.
1. රන් ආභරණ
2. රන් කාසි හෝ රන් බිස්කට්

2024 ජනවාරි මස සිට මෙරට VAT බදු සංශෝධනයත් සමග ස්වර්ණාභරණ කර්මාන්තය සදහා බලපෑමක් දැනටමත් එල්ලවෙලා තියනවා. මේ හේතුවෙන්  2024 ජනවාරි රන් ආභරණ මිල  සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල ගොස් තිබෙනවා

කැරට් 22 පව්මක ආභරණයක (8g) මිල රුපියල් 30000 අතර ප්‍රමාණයකින් ඉහල ගොස් තිබෙනවා.

රත්තරන් මිල දිනපතා අනිවාර්යයෙන් අඩු වැඩි වීම් වලට භාජනය වෙනවා. එක නවත්වන්න බෑ කාටවත්. මේ දිනවල 2024 ජනවාරි අග භාගය වන විට ලොක රන් පවතින්නේ ඉහලම අගයක.  ඒ කියන්නේ කැරට් 24 රන් ට්‍රොයී අවුන්සයක් (31.10g) ඇමෙරිකානු ඩොලර් 2030 දක්වා ඉහල ගොස් තිබෙනවා.
2024 වසරේ ලෝක රන්මිල ඩොලර් 2000 න් එපිට රැදී සිටීමට ඇති අවස්ථාව ඉතා වැඩී.

ඔබට හොද මුල්‍යමය ශක්තියක් තිබේනම් පමනක් ඔබේ ඉතිරිකරගත් මුදල්වල කොටසක් (5% හෝ 10%) රත්තරන් වල අයෝජනය කිරීම මෙරට ජනතාව අතර දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. ගිය වසරේ සිට රත්ත්‍රන් වල අයෝජනය සීඝ්‍ර ඉහල යාමක් පෙන්නුම් කරයි.
❤ Don’t put all Eggs in one Basket 

නමුත් රත්තරන්වල අයෝජනයට පෙර එහි වාසී අවාසී අනිවාර්‍යෙන් දැනගත යුතුය. රන් බිස්කට්, රන් කාසී හා රන් ආභරණ මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු බොහොමයක් පවතී. ඒවා එකින් එක වටහා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය වේ.

ලංකාව වැනිරටක ONLINE GOLD PLATFORM  එකක් තවමත් නැතිවීම නිසා GOLD මිලදී ගැනීමේදී නොව විකුණා ගැනීමේදී ඔබට ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. බොහෝවිට එදිනට ඇති රන්මිලට  හෝ ඔබ මිලදී ගත් ආභරණ අලෙවි කරගැනීම අපහසු විය හැක. ඒවා ගැන අනිවාර්‍යෙන් දැනගත යුතුව ඇත.

රත්තරන් අයෝජනය කෙටිකාලීන (සති, මාස)අනිවාර්‍යෙන් පාඩු සිදුවිය හැකි අයෝජනයක් බව වටහා ගැනීම නුවනට හුරු වේ. කෙටිකාලීනව මිල උච්චාවචනය වීම නිසා මේ තත්වයට මුහුන දීමට සිදුවේ. ඒ කියන්නේ රත්තරන් අද අරන් හෙට විකුණලා ලාභ ලබන්න නම් බෑ. ඒ හින්දා අද රන් අරන් මසෙකකින් රන් මිල අඩු උනොත් අය්යෝ අපරාදේ කියලා හිතෙන අය අයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න.

සරළව මෙහෙම හිතන්න ඔයා 2010 ලක්ෂ දෙකක් FD දැම්මා කියලා…පොළොයත් එක්ක ඔයාට දැන් ලැබෙන වටිනාකම සොයමු….

200,000 X 0.12 (වාර්ෂික පොලිය AVARAGE) X 13 (අවුරුදු ගනන -2010 සිට 2023 දක්වා) = 312,000/=
2023 වසර අවසානයේ මුළු මුදල= 200,000+ 312,000 = රු. 512,000/=

දැන් බලමු රුපියල් ලක්ශ දෙකක් 2010 රන් වල අයෝජනය කරා කියලා
2010 පව්මක් රන් කාසියක් රුපියල් 35,000
එවිට ලබා ගත හැකි පව්ම් ගනන =200,000/35,000 = 5.71

දැන් එම පවුම් 5.71 ක කාසි වල වටිනාකම
5.71 X 180,000 = රු. 1,028,571 /=

( පව්මක කාසියක් 180,000 ලෙස දක්වා ඇත. නමුත් මේ දිනවල VAT සමග වටිනාකම ලක්ෂ දෙකක් වේ.)

දැන් බලන්න වෙනස = 1,028,571 –
512,000 = රු. 516,571/=

ඉතින් ඔබට පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති. රන් අයෝජනයේ වටිනාකම තියෙන්නේ කාලයත් එක්ක.

ඇත්තෙන්ම රත්තරන් අවුරුදු 5කින් එහාට එය කදිම අයෝජන අවස්ථාවක් මෙන්ම එය වාසිගෙන දෙයි.  රත්ත්‍රන් කියන්නේ ඉක්මනින් මුදල් කරගෙන වාසි ගෙනදෙන අයෝජනයක් නොවේ. එය අප ළඟ ඇති ආරක්ශකයෙකු ලෙස අර්ථ දක්විය හැක. ඔබ ඔබේ දූ දරුවන් වෙනුවෙන් අද රන් කාසියක් මිලට ගෙන එය අවුරුදු 18 සම්පූර්ණ වීමෙදී තෑගි කලොත් එහි වටිනාකම කියා නිමකල නොහැක.

ඉතින් රන්මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් මේ කරුණු ඔබට වැදගත් වූයේ යැයි අපි බලාපොරොත්තු දෙනවා.

GOLDCeylon මේ කරුනු ඔබට විදහා දක්වන්නේ දත්ත මත පදනම්ව හා ලෝක රන්මිල තොරතුරු ඇසුරෙන් විශ්වාසනීයත්වයෙන් පමණි.

ඔබ ව්‍යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. මෙරට රන්පිළිබද ඇති එකම NEWS AND EDUCATIONAL PLATFORM එක තමා GOLDCeylon කියන්නේ. ඉතින් අපේ FACEBOOK , YOUTUBE, LINKDIN, TIKTOK හා WEB පිටුව හරහා අපි ඔබට සක්‍රීයව දත්ත හා තොරතුරු ගෙන එනවා.

තව කෙනෙක් දැනගැනීම සඳහා  SHARE කරන්න.
ස්තූතී 

ඉන්දික බණ්ඩාර
Proprietor of GOLD CEYLON
GOLDCeylon – YOUR TRUSTED GOLD PARTNER.
@copyright GOLDCeylon
#goldceylon
#goldratesrilanka
#goldsrilanka
#goldpricesrilanka

GOLDCeylon Sri Lanka’s Top GOLD Magazine Network 
Join GOLDCeylon Social Network Today 

  FACEBOOK 
https://www.facebook.com/GOLDCeylonLK/
  YOUTUBE 
https://youtube.com/c/GOLDCeylon
  INSTAGRAM
https://instagram.com/indika.bandara_?igshid=ZDdkNTZiNTM=
  WHATSAPP GROUP 
https://chat.whatsapp.com/IRNbjGSYjYhB96qe48syv6
  LINKDIN  
https://www.linkedin.com/in/indika-bandara-9060967b
  TWITTER 
https://twitter.com/goldceylon_?t=doWWnCoW2Im5QeDsj7H5KQ&s=09
 WEB 
www.goldceylon.lk
 TIKTOK
https://vt.tiktok.com/ZSFRByS5u/
 ADMIN FACEBOOK
https://www.facebook.com/indikapvt?mibextid=ZbWKwL
  TELEGRAM GROUP 
https://t.me/+kWa3HTGDs7g2MGI1

©goldceylon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *