Skip to content
Home » ඩොලර් සමගම රත්තරන් අඩුවුනත් ස්වණාභරන අලෙවිය 60% පමණ පහලට ⬇️⬇️

ඩොලර් සමගම රත්තරන් අඩුවුනත් ස්වණාභරන අලෙවිය 60% පමණ පහලට ⬇️⬇️

#goldceylon #goldcoin #goldprice

Published by GOLDCeylon – 2024/03/01

තවදුරටත් රන් අඩුවන ලකුණුද ?….
මෙය තාවකලීක තත්වයක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024/03/21 දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අවසන් වරට ඊයේ විනිමය අනුපාත සටහන මෙසේ දැක්විය.

මධ්‍ය                 309.8946

ගැනුම්               304.7116

විකුණුම්             314.2362

මේ හේතුවෙන් දේශීය රන්මිල ද සැලකිය යුතු අගයකින් අඩුවී ඇත.

ඒ අනුව කොළඹ රන් මධ්‍යස්ථානය ගනනය කිරීම්.අනුව අවසන් වරට 2024/03/01 දින රන්මිල, කැරට් 22 රන් පව්ම රුපියල් 162,800/=  කැරට් 24රන් පව්මක් රුපියල් 176,000/ ලෙසත් යාවත් කාලීන විය.

කෙසේ නමුත් ලෝක රන්මිලත් ට්‍රොයි අවුන්සය (31.10)ඩොලර් 2044 දක්වා ඉහල ගොස් ඇත.

තව දුරටත් ඩොලරය අඩුවීමකට භාජනය වුවහොත් රන් මිලද තරමක් පහත යාමට අවස්ථාව ඇත. ඩොලරයේ අවසාන ස්ථාවරත්වය රුපියල් 300 සීමාද හෝ 280 සීමාව විය හැකිබව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. නමුත් මෙය පාලිත පරිසරයක් තුල සිදු කරන හෙයින් කෙතරම් කාලයක් මෙය රදවා තබා ගත හැකිද යන වග ගැටලුකාරී තත්වයකි.

කොළඹ හෙට්ටිවීදීය ආශ්‍රීතව රන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ප්‍රමාණය ඉතා සැලකිය යුතු මට්ටමකින් පහත ගොස් ඇත්තේ 18% VAT ගනණය නිසා ස්වර්ණාභරණ වල මිල අහස උසට ගොස් ඇති හෙයිනි. 50-60% ප්‍රමාණයකින් රන් අලෙවිය පහලගොස් ඇති බව ප්‍රධාන පෙලේ රන් අලෙවි ව්‍යාපාරික ප්‍රජාව සදහන් කරයි.

නමුත් ඩොලරය අඩුවීම හා රන් විකිණීමේ අඩුවීම මත සිදුවුණු මේ රන් මිල අඩුවීම පාරිභෝගික ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේ නමුත් ස්වර්ණාභණ කර්මාන්තයට මේ හරහා දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවට අවසාන වශයෙන් සදහන් කල හැක. ඔවුන් බලාසිටින්නේ ඉතා ඉමනින් මේ සදහා පිළිතුරු රාජ්‍ය පාර්ශවයෙන් ලබා දෙනු ඇති බවටයි.

ඉන්දික බණ්ඩාර
Admin GOLDCeylon
GOLD NEWS CHANNEL SRI LANKA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *