Skip to content
Home » රත්තරන් වල ආයෝජනය කල, නොකළ ඔබ සදහා : IMPORTANT TIPS..

රත්තරන් වල ආයෝජනය කල, නොකළ ඔබ සදහා : IMPORTANT TIPS..

මේ වෙනකොටත් රත්තරන් මිලදී ගත්ත අයත්, මිලදී ගන්න ඉන්න අයත් අහන ප්‍රශ්න දෙකක් තියනවා.
1. මිලදී ගත්ත අය : රත්තරන් මිල වැඩිවෙන් නැද්ද?
2. මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන අය: රත්තරන් මිල අඩුවෙන් නැති වෙයිද?

මේ ප්‍රශ්න දෙකටම උත්තරයක් දෙන්නම් ▶️
කෙටි කාල වකවානුවලදී රත්තරන් මිල අනිවාර්යයෙන් අඩු වැඩි වීම් වලට භාජනය වෙනවා. එක නවත්තන්න බෑ කාටවත්. මේ දිනවල 2023.12.05 වන විට ලොක රන් පවතින්නේ ඉහලම අගයක. ඇමෙරිකානු ඩොලරය දුර්වල වීමත් ඔවුන්ගේ මගබැංකුව විසින් පොළී අනුපාතවල කප්පාදුවත් නිසා රන් සදහා ඇති ඉල්ලුම වැඩිවී රන්මිල ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින් තියනවා. නමුත් දිගින් දිගටම අපිට ඉහල යාම් බලාපොරොත්තු වෙන්න බෑ. 2024 වසරේදීත් ලෝක රන්මිල ඩොලර් 2000 න් එපිටට තිබෙන්න අවස්ථාව තියනවා. ඒහා සමගාමීව මෙරට රන්මිලත් මේ වෙනකොට කැරට් 24 රන් පව්මක් රුපියල් 180,000/= දක්වා ඉහල ගියා. කැරට් 22 රන් පව්ම රුපියල් 165,600/= ලෙස දැක්වෙනවා. ලෝක රන්මිල ඉහල යාමට සාපේක්ෂව මෙර රන්මිල විශාල ලෙස ඉහල ගිහින් නෑ. 2022 වසරේදී මෙරය කැරට් 24 රන් පව්මක් රු. ලක්ෂ 2 සීමාවට පැමිණියා. 2024 ජනවාරි මස මෙරට VAT බදු සංශෝධනයත් සමග ස්වර්ණාභරණ කර්මාන්තය සදහා එය බලපෑමක් ඈතිවුවහොත් රන්මිල අනිවාර්යයෙන් ඉහලට යාමට නියමිතයි. නමුත් එම VAT සංශෝධන ස්වර්ණාභරණ කර්මාන්තයට බලපාන බවට තවමත් නිල ප්‍රකාශයක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් වී නෑ. එසේ බලපෑමක් ඇති වුවහොත් රන් මිල සැලකියයුතු ලෙස ඉහල යාමට නියමිතයි.බොහොදුරට කැරට් 24 රන් පව්මක් රුපියල් 200,000= කරා නැවත ලගාවේවි. IMF LOAN ලැබීමෙන් පසු ඩොලරය පසුබෑමකට ලක්වුවහොත් රත්තරන් මිලෙහි සුළු පහලයාමක් වුවද බලාපොරොත්තු විය හැක.

ඔබට හොද මුල්‍යමය ශක්තියක් තිබේනම් පමනක් රත්තරන් වල ඔබේ ඉතිරිකරගත් මුදල්වල කොටසක් (5% හෝ 10%) අයෝජනය කිරීම මෙරට ජනතාව අතර දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. මේ වසරේ මුල සිට රත්ත්‍රන් වල අයෝජනය සීඝ්‍ර ඉහල යාමක් පෙන්නුම් කරයි.

නමුත් රත්තරන්වල අයෝජනයට පෙර එහි වාසී අවාසී අනිවාර්‍යෙන් දැනගත යුතුය. රන් බිස්කට්, රන් කාසී හා රන් ආභරණ මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු බොහොමයක් පවතී. ඒවා එකින් එක වටහා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය වේ.

#goldceylon #goldcoin #goldbuysrilanka

ලංකාව වැනිරටක ONLINE GOLD PLATFORM  එකක් තදමත් නැතිවීම නිසා GOLD මිලදී ගැනීමේදී නොව විකුණා ගැනීමේදී ඔබට ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. බොහෝවිට එදිනට ඇති රන්මිලට අලෙවිය අපහසු විය හැක. ඒවා ගැන අනිවාර්‍යෙන් දැනගතයුතුව.

රත්තරන් අයෝජනය කෙටිකාලීන නොව අවුරුදු 5කින් එහාට වාසිගෙන දියහැක. කෙටිකාලීනව මිල උච්චාවචනය වීම නිසා කෙටිකාලීනව අවාසි ගෙන දීමට ඉඩ තිබේ. මේ නිසා අවම වසර 3කින් එපිටට සිතා රන්වල අයෝජනය කරන්න.

ඉතින් රන්මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් මේ කරුණු ඔබට වැදගත් වූයේ යැයි අපි බලාපොරොත්තු දෙනවා.

GOLDCeylon මේ කරුනු ඔබට විදහා දක්වන්නේ දත්ත මත පදනම්ව හා ලෝක රන්මිල තොරතුරු ( www.kitco.com) ඇසුරෙන් විශ්වාසනීයවය.  ඔබ ව්‍යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. මෙරට රන්පිළිබද ඇති එකම NEWS AND EDUCATIONAL PLATFORM එක තමා GOLDCeylon කියන්නේ. ඉතින් අපේ FACEBOOK , YOUTUBE හා WEB පිටුව හරහා අපි ඉබට සක්‍රීයව දත්ත හා තොරතුරු ගෙන එනවා. ඒවාගේ LINK පහත දක්වා ඇත.

▶️ FACEBOOK පිටුව
https://www.facebook.com/GOLDCeylonLK/

▶️ YOUTUBE නාලිකාව
https://youtube.com/c/GOLDCeylon

▶️WEB පිටුව 
www.goldceylon.lk

තව කෙනෙක් දැනගැනීම සඳහා  SHARE කරන්න.
ස්තූතී

ඉන්දික බණ්ඩාර
Proprietor of GOLD CEYLON
GOLDCeylon – YOUR TRUSTED GOLD PARTNER.
@copyright GOLDCeylon
#goldceylon
#goldratesrilanka
#goldsrilanka
#goldpricesrilanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *