GOLDCeylon | Gold News Sinhala | 2024.07.06
ලෝක රන්මිල 2020 වසරේ මැද භාගය වන විට ආසන්න වශයෙන් ඩොලර් 2050 තරම් ඉහළ අගයක පැවතුණා. එය පසුගිය දශකය තුළ වාර්තා වුණු රන් මිලෙහි වැඩිම අගය යි. එලෙස සීඝ්රයෙන් ඉහළ ගිය රන් මිල පසුගිය 2023 කාලයේ නැවත ඩොලර් 1800 ලෙස මාස කිහිපය තුළ දී ක්‍රමයෙන් පහළ ගියා.
නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ අනුව වර්තමානය 2024 ජූලී මස මුල්සතිය වනවිට වන විට එය ඩොලර් 2380 සීමාවත් ඉක්මවා ගිහින්.
ලෝක රත්තරන් මිල ඉහළ යන්නේ ඇයි?
🚫ඇමෙරිකානු පොළී අනුපාත කපාහැරීම.
පොළී අනුපාත හා රන් අතර තිබෙන්නේ ප්රතිලෝමද සමානුපාතික සම්භන්ධයකි. පොළී අනුපාත මට්ටම සැලකියයුතු කපාහැරීම් නිසා රන් සදහා ඇති ඉල්ලුම දෙගුණ තෙගුණ වී ඇත. මේ හේතුවෙන් රන් මිල නොසිතු ලෙස ඉහල ගොස් ඇත.
බැංකුවල පොළී අනුපාත පහළ යන විට මුදල් බැංකුවල තැන්පත් කිරීම මඟින් බලාපොරොත්තු වන තරම් ප්රතිලාභ ලබාගත නොහැකියි. එම නිසා බොහෝ පිරිස් මුදල් බැංකුවල තැන්පත් කිරීමෙන් වැලකී ඒවා රත්තරන් මිල දී ගැනීම සඳහා යොදවනවා.
🚫ඇමෙරිකානු උද්ධමනය
යම් කිසි කාල පරිච්ඡේදයක් තුළ රටක භාණ්ඩ සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙසින් හැඳින්විය හැකිය. උද්ධමන අනුපාතය ඉහළ යන විට මුදලේ අගය අඩු වනවා. එවිට බොහෝ ආයෝජන මාර්ගවලින් ප්රතිලාභ ලබාගැනීමට තිබෙන අවස්ථාව නැතිවී යනවා. එම නිසා සැලකිය යුතු ව්‍යාපාරිකයන් පිරිසක් රත්තරන් ආයෝජනය කරනවා. ඒ උද්දමනය දීර්ඝ කාලයක් පැවතිය ද රත්තරන්වල වටිනාකම අඩු නොවන නිසා යි. එලෙස විශාල පිරිසක් රත්තරන්වලට මුදල් ආයෝජනය කළ විට වෙළඳපොල තුළ ක්ෂණිකවම රත්තරන් හිඟයක් ඇතිවනවා. එවිට වෙළඳපොල තුළ රත්තරන් මිල ඉහළ යන්නේ ඉතිරිව තිබෙන රත්තරන්වලට තිබෙන වැඩි ඉල්ලුම නිසා යි.
🚫ඇමෙරිකානු බැංකු පද්ධතියේ අස්ථාවරත්වය.
2023 වසරේ ඇමෙරිකාවේ ප්‍රධාන බැංකු 3ක් සම්පූර්ණයෙන්ම බිද වැටුණා. 2024 වසරේත් එලෙස බැංකු කිහිපයකම අස්ථාවර ස්වභාවයන් පෙන්නුම්න් කරන බව ලොව ප්‍රධානතම රන් මිල පුවත් විකාශකයා වන KITCO සමාගම දන්වා සිටිනවා.
එවිට ලෝක වෙළෙඳපල තුළ රත්තරන් මිල යළිත් ඉහල යාමේ අවධානමක් ඇති බවට අනුමාන කළ හැකියි.
ඇමෙරිකානු ආර්ථිකයේ ප්‍රකෘර්තිමත් බවක් පෙන්නුම් කළහොත් මෙම අසාමාන්‍ය රන්මිල ඉහල යාම පාලනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.
▶️ මෙරට රන්මිල ?
මේ හේතුකොටගෙන මෙරට රන්මිලත් සැලකිය යුතු ඉහල යාමක් මේ වනවිට දක්නට ලැබුනා. 2024.07.06 දින වන විට කැරට් 24 රන් පව්මක් (8.0g) රුපියල් 195,500/= ලෙසත් කැරට් 22 රන් පව්මක් රුපියල් 180,800/= ලෙස යාවත්කාලීන වුනා.
මෙලෙස ලෝක රන්මිල ඉහළ යාම මත කැරට් 24 රන් පව්මක් නැවත වරක් ලක්ෂ 2 සීමාවට පැමිණීමට අවකාශ ඇති බව රන් වෙළඳ ප්‍රජාව පවසා සිටිනවා.
ස්වර්ණාභරණ කර්මාන්තයට VAT බද්ධෙහි බලපෑම සෑම කැරට් 22 පව්මක (8.0 g) සෑම ස්වර්ණාභරණයක්ම පාහේ රුපියල් ලක්ෂ 2 සීමාවෙන් එපිටට ගොස් ඇත.
මෙය සුළු කාලසීමාවන් වලදී අඩු වැඩි වීම් වලට භාජනය විය හැකි බව පෙන්වා දිය හැක. නමුත් දීර්ඝකාලීනව රන්මිල ඉහල යාම නවත්වාලිය නොහැක.
ස්තුතියි !
ඉන්දික බණ්ඩාර
www.goldceylon.lk