Skip to content
Home » ඩොලරය නැවත ඉහලට 2024-05-29

ඩොලරය නැවත ඉහලට 2024-05-29

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  2024 මැයි 29 දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.44 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (28) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස සටහන් විය.

මැයි 29 වෙනි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.34 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.34 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 294.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 294.60 – රු. 305.60

අමානා බැංකුව – රු. 298.75 – රු.304.25

ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.50

Published by @goldceylon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *