Skip to content
Home » කළු සිකුරාදා  – BLACK FRIDAYරත්තරන් වට්ටම් – GOLD OFFERS

කළු සිකුරාදා  – BLACK FRIDAY
රත්තරන් වට්ටම් – GOLD OFFERS

#blackfriday #offers #goldoffers

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා තියෙනවා ද? සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන සතියේ එන සිකුරාදා දිනය කළු සිකුරාදා ලෙස හඳුන්වනවා. ඉතින් ඒ කළු සිකුරාදා දිනය හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ යෙදී තිබෙන්නේ මේ 2023 වසරේ නොවැම්බර්  24 සිකුරාදා දිනටයි

ලෝකය පුරා ඇති උත්කර්ෂවත් ව පැවැත්වෙන වසර කිහිපයක සිට අපේ රටෙත් දැන් දැන් ජනප්‍රිය  කළු සිකුරාදා එහෙම නැත්නම්, බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ ඇත්තට ම මොකක්ද? ඒ ගැන දැන ගන්න ඕන නම් දිගට ම ලිපිය කියවන්න.

බ්ලැක් ෆ්‍රයිඩේ හෙවත් කළු සිකුරාදා කියන්නේ මොකක් ද?

කළු සිකුරාදා වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණ (Which.co.uk)

ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් විසින් නත්තල හා එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳ සාප්පු සවාරි පටන් ගන්නා මුල් දවස. එහෙම නැත්නම් ඒ රටවලyy6y6 නත්තල් හා අලුත් අවුරුදු කාලේ සඳහා ජනතාව ෂොපින් යන්න පොළඹවා ගන්නා දවස තමයි බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ.

මේ දවසේ අවුරුද්දේ වෙන කිසිම දවසකවත් ලබා නොදුන් අන්දමේ වෙළඳ වට්ටම් ලබා දෙන්න එහෙම නැත්නම්, අදහාගත නොහැකි ඩිස්කවුන්ට් ලබා දෙන්න බොහෝ වෙළඳ සමාගම් විසින් කටයුතු කරනවා.

මුල් කාලයේ දී කළු සිකුරාදා දිනය වෙනුවෙන් වෙළඳ ආයතන අඩු ප්‍රමාණයක් වට්ටම් ලබා දුන්න ද, අද වන විට ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සමාගම් තම නිෂ්පාදන වෙනුවෙන් පාරිභෝගිකයන් නොසිතන අන්දමේ වෙළඳ වට්ටම් ලබා දීමට කළු සිකුරාදා දිනයේ දී සැදී පැහැදී සිටිනවා.

මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් ඇඟිලි ගනිමින් ඉන්නවා. ඉතින් මෙරට රත්තරන් හා සම්භන්ධ ජනප්‍රිය ආයතන තම පාරිභෝගිකයන් සදහාද විශේෂ වට්ටම් යටතේ ස්වර්ණාභරණ අලෙවිකිරීම පෙළඹී සිටිනවා.
පහත විඩියෝවෙන් ඔබට එම වට්ටම ලබාදෙන ආයතන හා ඔවුන්ගේ වට්ටම් පිළිබද පැහැදිලි අවහෝධයක් ලබාගත හැක.

Published by GOLDCeylon

Trusted Gold News Magazine

Leave a Reply

Your email address will not be published. Required fields are marked *